ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අර්බුද විසඳා ගනිමින් කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් කර තමන් රචනා කළ 'මේ ගැනත් සිතන්න' පළමු ග්‍රන්ථයේ තවත් පිටපත් 25,000 ක් පසුගිය සතියේ මුද්‍රණය කර බෙදාහැරි බව ග්‍රාමීය කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (24දා) ප්‍රකාශ කළේය.
මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන සෑම රැස්වීමකදීම එම කෘතිය බෙදමින් යන බවද ඇමතිවරයා සඳහන් කළේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, එම ග්‍රන්ථයේ දෙවැනි පිටපත ඉදිරියේදී එළිදක්වන බවයි.