පාසල් සිසුන්ගේ නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීමට රජය ගත් ක්රියාමාර්ගය මීට වඩා පහසුවිය යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ගම්පහ ප්රදේශයේ පැවැති ආගමික වැඩසටහනට එක්වෙමින් .ඔහු මේ බව සඳහන් කළේය.
වව්චර් ක්රමය නාගරික පාසල් සඳහා හොඳ බවත් නගරයෙන් ඈත ගම් පළාත්හි වෙසෙන සිසුන්ට ඒ වව්චර් වලට ඇඳුම් මිලදී ගැනිම සඳහා නගරයට පැමිණීමට වෙනම පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.
එසේම මෙය කප්පාදුවක් ලෙසින්ද හිටපු ජනපතිවරයා හඳුන්වා දුන්නේය.