මේ ආණ්ඩුව ගොවියා හිඟමනට සුදුසු තත්ත්වයට පත් කළා
මඩසොදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියන කතාව වෙනුවට වත්මන් ආණ්ඩව මඩ සෝදාගත් කල ගොවියා හිඟමනට සුදුසු තත්ත්වයට පත්කර සිටින බව ගලේවෙල පල්ලම්යය ගොවි සංවිධානයේ ගොවියකු වන කේ.පී .මුණසිංහ මහතා අද ( 05දා) පැවසීය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. පල්ලම්යය ප්‍රදේශයේ විනාශවෙමින් පවතින කුඹුරු යායකදී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.
මෙහිදී ගොවීන් පිරිසක් මාධ්‍ය වෙත අදහස් පළකරද්දී තවත් ගොවීහු පිරිසක් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නියැළී සිටියහ.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.
පොහොර නැවක් එන බවට අමූලික බොරු කරමින් ආණ්ඩුව ගොවි ජනතාව රවටමින් සිටිනවා. ප්‍රමිතියෙන් බාල පොහොර වර්ග රජය විසින් අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ නිසා මේ වනවිට ගොවීන්ගේ වගා කළ කුඹුරු ඉඩම් බොහොමයක් විනාශවෙමින් පවතිනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






