පිළියන්දලදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකසහිත පුද්ගලයන් දෙදෙනෙකුගේ ඡායාරූප පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
පසුගිය 09 දා මෙම වෙඩි තැබීම සිදුවූ අතර එයින් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
එම සිද්ධියට අදාළව කරනු ලැබූ විමර්ශනවලදී වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය දෙල්ගොඩ ප්‍රදේශයෙන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගේ චිත්‍ර මෙසේ පොලීසිය මාධ්‍යයට නිකුත් කර තිබේ.
එම හැඩරුවට සමාන පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් පොලීසියට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි.
.jpg)