"ලංගමය දැන් දුවන්නේ පාඩු පිට. මේ යන විදිහට ගියොත් ලංගම තව මාස 06 කින් විතර වසා දමන්න වෙනවා" යැයි සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (26දා) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
"බස් රථයකට සේවකයෝ 5 කට වැඩිය ඉන්නවා. බස්වල නඩත්තු කටයුතුවලට මුදල් දෙන්න වෙලා තියෙනවා. ලංගම සේවකයන්ට පඩි ගෙවන්නෙත් මහා භාණ්ඩාගාරයෙන්. භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන එක නවත්වපු ගමන් ලංගම ආදායම් හොයන්න වෙනවා. සේවකයො ප්‍රමාණය අඩුකරගන්න, ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න වෙනවා. ඒ වගේම ස්වේච්ඡා විශ්‍රාම සේවයක් ඇති කරන්න, ඩිපෝ සංඛ්‍යාව අඩු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා."