ඌව පළාත් සභා මැතිවරණයට මෙවර ඉදිරිපත් වූ පසුගිය පළාත් සභාව නියෝජනය කළ පක්ෂ, විපක්ෂ මන්ත්රීවරු 16 දෙනෙක් පරාජයට පත්වූහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ආර්.ඒ.ආර්. බන්දුසේන, මානෙල් රත්නායක, ජේ.එම්. ගුණතිලක, අජිත් දේශප්රිය නිලමේ, සුමිත් සමයදාස, නිමල් රත්නායක, අජිත් ලියනගේ, දයාරත්න බණ්ඩාර, අනිල් චන්දන වැලිවිට, කේ.එම්.සිරිසේන යන අයට මෙවර සිය මන්ත්රී ධුර අහිමිව ඇත.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආර්. කුලතුංග මහතාටද මෙවර සිය මන්ත්රී ධුරය අහිමි වී ඇත.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සිට ආණ්ඩු පක්ෂයට එක්වූ රවී ගුණවර්ධන මහතා මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ මිහිමල් මුණසිංහ මහතාද පරාජයට පත්වූහ.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ සුදත් බලගල්ල මහතා සහ කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කළ අරවින්ද කුමාර මහතාද මෙවර පරාජය වූහ.
ආණ්ඩු පක්ෂයේ සිට මොනරාගලින් ස්වාධීනව තරග කළ ඩබ්.ඒ. උදය කුමාර මහතාද මෙවර පරාජය විය.
ගියවර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සුජීව ජයසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීය.