මෙවර ජාතික පොසොන් උත්සවය දුසිරිත් දුරලමු යන තේමාව යටතේ ඓතිහාසික අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය හා තන්තිරිමලය යන පූජනීය සිද්ධස්ථාන මුල් කර ගෙන පැවැත්වීමට අනුරාධපුර පොසොන් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව ජූනි මස 16 සිට 24 දින දක්වා පොසොන් සතිය නම් කර තිබෙන අතර, ජූනි 17 වැනි දින රුවන් වැලි සෑ මළුවේ පිහිටි ප්‍රථිසංස්කරණය කරන ලද විහාර මන්දිරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කිරිමට නියමිතය.
ඒ අතර තන්තිරිමලය රාජමහා විහාරස්ථානයේදී පකිස්ථාන තක්ෂිලා නුවර සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ බැතිමතුන්ට වන්දනා මාන කිරීම සදහා ජූනි 18 හා 19 දෙදින තුළ ප්‍රදර්ශනය කෙරේ.
වාර්ෂිකව පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන මහමෙව්නා සති පිරිත් දේශනය ජූනි 16 වැනිදා සිට 24 වැනිදා දක්වා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසද පිහිටි සන්නිපාත ශාලාවේදී පැවැත්වේ.එහි දොරකඩ අස්න කියැවීම ජූනි මස 23 වැනි දින රාත්‍රියේ සිදු කෙරෙන අතර, 24 වැනිදා දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට නියමිතය.
පොසොන් පෝය දිනයේදී රුවන්වැලි චෛත්‍යය රාජයා අභියස රාත්‍රිය පුරා හේවිසි ශබ්ද පූජාවකිතමේ අතර ජූනි 17 සිට 24 දක්වා වූ පොසොන් සතිය තුලදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරා සල් හා මස් අලෙවිසැල් වසා තැබීමටද තීරණය කර ඇත.