මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම වඩාත් පුළුල් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (13දා) කුඩාවැල්ල ප්‍රදේශයේ ජනතාව අමතමින් පැවසීය.
එක් සතියක දින තුනක් තුළ ඉන්දීය ධීවරයන් 5,000ක් පමණ මෙරට මුහුදු සීමාවට ඇතුළුවන බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ මහතා සඳහන් කළ අතර, මේ හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වඩාත් පුළුල් කරන ලෙස නාවික හමුදාවට දැනුම්දී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙම ගැටලු අවම කරගැනීම සඳහා අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවර යාත්‍රා හා ධීවර උපකරණ රාජසන්තක කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට පෙර නිදහස් කරන ඉන්දීය ධීවරයන් සමග එම ධීවර ආම්පන්නද නිදහස් කළ අතර, මින් පසු එසේ නොකරන බවත්, දෙරට අතර සුහදත්වය හානි නොවන ආකාරයෙන් මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.