අති නවීන තාක්ෂණය සහිතව, මොණරාගල බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කාර්මික ජනපදයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ විශාලතම ධාන්‍ය ගබඩා සංකීර්ණය ජනවාරි 31 වැනිදා ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි මෙවැනි ධාන්‍යාගාරයක් ඉදිකිරීමේ මූලික අභිලාශය වන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අතිරික්තය ගබඩාකර තැබීම සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමය.
මෙම ගබඩා සංකීර්ණය ජාත්‍යන්තර තත්ත්වයේ අති නවීන පහසුකම්වලින් සමන්විතය. මේ සඳහා ලෝක බැංකුවේ ආධාර යටතේ රජය වැය කර ඇති මුදල රු.මිලියන 260කි.