උතුරු මුහුදු සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයන් 57 දෙනෙකු මේ වසර තුළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් 20 දෙනෙකු ඊයේ (27දා) ඉන්දියාවට බාරදී තිබේ.
ඉන්දීය ධීවරයන් පිරිස සම්බන්ධයෙන් පැවැති නඩු විභාග අවසන් වීමෙන් පසුව ඔවුන්ව ඉන්දියාව වෙත බාරදී තිබුණද, ඔවුන් සතු යාත්රා 07ක් රාජසන්තක කර ඇත.
තවමත් ශ්රී ලංකා අත්අඩංගුවේ සිටින ඉතිරි ඉන්දීය ධීවරයන් 37 දෙනාට එරෙහිව ඇති නඩු විභාග මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඔවුන්ව නිදහස් කිරීමට හැකියාවක් නොමැති බව උතුරු පළාත් සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි.