බොටම් ට්‍රෝලිං නැමති තහනම් පන්න ක්‍රමය යොදාගනිමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙහි මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් 17ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නගර් කෝවිල් මුහුදු ප්‍රදේශයට නුදුරින් ප්‍රදේශයේ මසුන් ඇල්ලීමේ නිරත ව සිටියදී සැකකරුවන් නාවික හමුදා භාරයට පත්ව ඇත.
සැකකාර ධීවරයන් විසින් මසුන් ඇල්ලීමට භාවිත කළ බවට සැකකරන යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන්, යාත්‍රා සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂවරයා වෙත භාරදීමට නියමිතය.