මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම ඉන්දීය ධීවරයන් ඊයේ ඩෙල්ෆ් දූපතට දකුණින් ධීවර කටයුතුවල නිරතව ඇති බවත්, ඒ අනුව නාවික හමුදාව සිදුකළ වැටලීමේදී ඔවුන් පැමිණි යාත්‍රාව සහ ධීවර භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් මෙම පිරිස, යාත්‍රාව සහ ධීවර භාණ්ඩ යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත බාරදුන් බවද නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.