එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ නිර්දේශය මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ පුහුණුවක් ලැබූ මැඩගස්කර හා කොමොරොස් රාජ්‍යයන්හි නාවික සහ වෙරළාරක්ෂක බළකා නිලධාරීන්ගේ පාඨමාලව සාර්ථකව අවසන් කළ පළමු කණ්ඩායම පුහුණු සමාප්ති උත්සවය අද (27දා) දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ත්‍රිකුණාමලය සහ මිරිස්ස මූලික කරගනිමින් සිදු කෙරුණු මෙම විශේෂ පුහුණුව යටතේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණය විසින් ත්රිකුණාමලයේදීත්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මිරිස්ස පුහුණු මධ්‍යස්ථානයේදීත් එම පුහුණු කටයුතු සිදු කරන ලදී.
නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ට වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටි හා ක්රමෝපායන් පිළිබඳවත් කොමරොස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකායේ හය දෙනෙකු වෙත සහ මැඩගස්කර නාවික හමුදාවේ හය දෙනෙකු වෙත මෙහිදී පුහුණුව ලබාදීම සිදු කළ අතර, මැඩගස්කර කණ්ඩායමෙහි පරිවර්තක නිලධාරියෙකු ද මේ සදහා සහභාගි විය.
යුරෝපීය සංගමයේ නියෝජිතයන්ගේ තානාපති ඩේවිඩ් ඩැලි, ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් රාජ්‍යයේ මහ කොමසාරිස් පිලිප් ලී ගෝල්, ශ්‍රී ලංකාවේ මැඩගස්කර් කොන්සාල් බී.ඒ. මහීපාල, ශ්‍රී ලංකාවේ කොමරොස් රාජ්‍යයේ කොන්සාල් සෙනුල් අබ්ධීන් මොහොමඩ් හයිරු, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් ජයවීර, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල්, කේ. ගමගේ, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ වැඩසටහන් නිලධාරී ශානක ජයසේකර යන මහත්වරු හා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිවෙන් රණසිංහ මහතා ප්රමුඛ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු, චීන, ඉරාන සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයන්හි ආරක්ෂක උපදේශකවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.