බටහිරින් පැමිණි නවීන විද්‍යාවට යටනොවී මෙරට පාරම්පරික දේශීය දැනුමට නව පිළිගැනීමක් හා වැදගත්කමක් ලබාදීමට නව වැඩපිළිවෙළක් ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.
ජාතික විද්‍යා පදනමේ පාරම්පරික දැනුම පිළිබඳ ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කරන දේශීය දැනුම් පද්ධතියේ ඥාණ විභාගය හා අපට අනන්‍ය වූ දැනුම් පද්ධතියක් ගොඩනැංවීම සඳහා ජාතික කතිකාව පිළිබඳ ඊයේ (26දා) පැවති දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේය.
දේශීය දැනුම පිළිබඳ පර්යේෂණ කරන්නන්ට හා පාරම්පරික ඥාණය භාවිතයට ගනිමින් එය ප්‍රයෝගික තලයට ගෙන එන්නන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බවත්, පාරම්පරික දැනුම ක්‍රමානුකූලව අධ්‍යයනය හා විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය සඳහා හඳුනාගත් ක්ෂේත්‍ර 12 ක් පිළිබඳවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එනම්, පාරම්පරික සෞඛ්‍ය සංරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව, පාරම්පරික වාස්තු විද්‍යාව, පාරම්පරික තාක්ෂණය, ජෝතිෂ්‍ය, පුදසිරිත් හා සෞන්දර්යය, කෘෂිකර්මාන්තය හා වාරි කර්මාන්තය, ප්‍රතිපත්ති හා නීති රාමුව, දේශීය දැනුමේ ඥාණ විභාගය, දැනුම ලේඛනගත කිරීම, දේශීය ශිල්ප කලාව, දේශීය සටන් කලාව හා ජෛව විවිධත්වය සුරැකීමට අදාල පාරම්පරික දැනුම යනාදිය ඒ අතර වෙයි.
දේශීය දැනුම පිළිබඳ පර්යේෂණ කරන්නන්ට හා පාරම්පරික ඥාණය භාවිතයට ගනිමින් එය ප්‍රයෝගික තලයට ගෙන එන්නන්ට අවශ්‍ය අරමුදල් හා ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.
ජාතික විද්‍යා පදනමේ සභාපති ඩබ්ලිව්.එල්. සුමතිපාල, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ, බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස් නිමල් කරුණානිධි යන මහත්වරු ඇතුළු විද්වත්හු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.