මෙරට උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලංඩන් සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුලදී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට ලිංගික අපයෝජනයක් කළැයි ඊයේ (18දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මඩකලපුව ප්‍රදේශයේ උපන් සැකකරු හතලිස් එක් හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු කුඩා කළ බ්‍රිතාන්‍යයට ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා තිබෙන බවත් ඥාතියෙකුගේ අවමගුල් උත්සවයකට සහභාගී වීම සදහා මෙරටට පැමිනෙන අතර වාරයෙදී, සති තුනක නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිනෙමින් සිටි 27 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණියක් මෙසේ ලිංගික අපයෝජනයට පත් කොට ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසා සිටී.