www.ada.lk
2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැළීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයන් 77 දෙනෙකු යළි එරටට භාර දීම ඊයේ (03දා) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදුකෙරිණි.
මෙම ධීවරයින් අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ අය වන අතර, ඔවුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී පතුල මත ඇදගෙන යාමේ (Bottom trawling) තහනම් ක්‍රමය භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත. එම ක්‍රමය ඉතා විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හැඳින්විය හැක.
එම ධීවරයන් අද සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘සාරන්ග්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd