ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් ලක්ෂ 30ක මුදලකට කාර් රථයක් විකුණා මුදල් වංචා කිරීමේ සිදුවීමකට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලායි.
නිට්ටඹුව පදිංචි අවුරුදු 34ක සැකකරුවෙක් මෙසේ පොලීසියට අවශ්‍යව ඇත. සැකකරුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙයි.
සැකකරුගේ ඡායාරූපයක්ද පොලීසිය නිකුත් කර ඇති අතර ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 077-3890959/033-2235331 යන අංකවලින් විශේෂ විමර්ශන ඒකකය අමතන ලෙස පොලීසිය දන්වා සිටියි.