මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
හුංගම පොලිස් වසමේ කපුවත්ත ගෙදර, බටඅත/දකුණු හුංගම ලිපිනයේ පදිංචි මව සහ දියණිය කපාකොටා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන ප්‍රධාන සැකකරුගේ සිතුවමක් පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබේ.
සිදුවීමට අදාළව ලද තොරතුරු හා සාක්ෂි පදනම් කරගනිමින් පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් මෙම සිතුව නිර්මාණය කර තිබේ. සැකකරු වයස අවුරුදු 30 – 35ක් අතර උස අඩි 05 අඟල් 6 ½ක් පමණ මුහුණ රවුම් සුදු පැහැති පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම ද්විත්ව ඝාතනය මෙම මස 02 දින පෙරවරු 08.30ත් පස්වරු 12.30 අතර කාලයේ සිදුවන්නට ඇති බව පොලීසිය සැකකරයි.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන කටයුතු අරඹා ඇත.
මෙම සිතුවමේ සඳහන් පුද්ගලයාට සමාන හැඩරුව හා සමාන ලක්ෂණ ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකතන අංක -
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී/තංගල්ල කොට්ඨසය - 071 8 591 488
සහකාර පොලිස් අධිකාරී/තංගල්ල - 071 8 591 495
ස්ථානාධිපති/හුංගම - 071 8 591 492
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

