අම්බලන්තොට රන් භාණ්ඩ වෙළඳසැළකින් පසුගිය 02 දා රුපියල් ලක්ෂ 04 කට වඩා වටිනාකමකින් යුත් රන්මාල 44ක් පමණ දමා තිබූ රන් භාණ්ඩ බහාලුමක් සොරාගත් බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබේ.
සැකකාර කාන්තාවගේ රුව එම වෙළදසැලේ තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබේ. ඇය පිළිබඳව තොරතුරක් දන්නේ නම් 047 2223223 යන අංකයට ට අම්බලන්තොට පොලීසිය අමතන්නැයි පොලීසිය දන්වා සිටියි.