මෙම වසරේ ඒජන්සි 67 අසාදු ලේඛන ගත කරයි
මෙම වසරේ ගතවූ කාලසීමාව තුළදී විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛන ගතකිරීමට පියවර ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද (03දා) පවසා සිටියාය.
පසුගිය වසර තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 61 ක් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරිය පවසා සිටියාය.
කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීමට ප්‍රමාණවත් සහායක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයථා ක්‍රම මගින් පුද්ගලයන් විදේශ ගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයන්ට මූල්‍ය වංචා කිරීම හා පිටරට රැකියා නියෝජිත ආයතන වෙතින් කොමිස් මුදල් ලබාගෙන ශ්‍රමිකයන් එරටට ලබානොදීම වැනි කරුණු මෙම ඒජන්සි ආයතන අසාදු ලේඛන ගතකිරීමට හේතු ලෙස පෙන්වා දිය හැකි බවද ඇය පවසා සිටියාය.
එම ආයතන සඳහා අදාළ පැමිණිල්ල විසඳන තෙක් තාවකාලිකව අසාදු ලේඛන ගත කිරීම, අදාළ වංචනික නියෝජිතායතන මගින් ඔවුන්ගේ මුදල් නැවත ලබාගැනීමට කටයුතු කිරීම, රැකියා ඇණවුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීම හා නීති අංශය මගින් අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම වැනි පියවර අනුගමනය කරනු ලබන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
