යළ කන්නය සඳහා මහවැලි ජලය නිකුත් කිරීම අප්‍රේල් මස 15 දා සිදුකරන බවත් ඉන්පසු මෙගාවොට් 350 ජලවිදුලියක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන බවත් විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
එතෙක් විදුලි නිෂ්පාදනයට වර්ෂාව නොලැබුණහොත් පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 55 ක විදුලිය මිල දී ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කළ බවද එසේඋවත් මේ නිසා විදුලි ගාස්තු වැඩි නොකරන බව ද අමාත්‍යවරයා කීය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය.