රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය පරිදි පසුගිය කාලයේ සිදුකෙරුණු රටට අහිතකර ගනුදෙනු සහ ආර්ථික ඝාතන පිළිබඳව නම්ගම් සහිතව හෙට (15දා) එළිදරව් කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු විසින් රචනා කරන ලද බලය සහ බලය ග්‍රන්ථයේ දෙවැනි අදියර ලෙස ‘ආලාපාළු ආර්ථිකය’ (Doom - Boom Economy) ග්‍රන්ථය එළිදැක්වීමට සමගාමීව මෙම හෙළිකිරීම සිදුකරන බව පාඨලී චම්පක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
එසේම කැසිනෝ හල්, වරාය, ගුවන්තොටුපල හා වෙනත් ආර්ථික සංවර්ධනය මුලාවෙන් රටේ සිදු වූ ආලාපාළු ආර්ථිකය පිළිබඳවත්, මෙගා ඩීල් සමබන්ධයෙනුත් මෙහිදී හෙළිදරව් කිරීමට නියමිත බවද මාධ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.