මෙක්සිකෝ රජයට අයත්, පෙමෙක්ස් ඛනිජතෙල් කර්මාන්ත ශාලාවේ සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මහා ශබ්දයක් සහිතව පුපුරාගිය මෙම තෙල් සංකීර්ණය වෙරාක්රස් ප්රදේශයේ පිහිටා ඇති අතර, මින් පුද්ගලයන් 136 රෝහල්ගත කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් සවස 3.00 ට පමණ මෙම පිපිරිම සිදුව ඇති අතර, තෙල් ගබඩා සංකීර්ණයක් පිපිරී ඇති බවත්, විශාල කළු දුමාරයකින් හාත්පස වැසී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ගිනිනිවන හමුදාවට අනුව ප්රදේශයේ සිය ගණනක් ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර, ගින්න මැඩ පැවැත්වීම සඳහා දැඩි පරිශ්රමයක් දරමින් සිටියි.