ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් බෑං කී මූන් මහතා සුභ පැතුම් එක් කර තිබේ. මෙරට දේශපාලන වෙනසක් ආරම්භ කරමින් ජනතාවට කල්පවත්නා සාමයක්, ස්ථාවරත්වයක් සහ සමෘද්ධියක් ඇති කර ගැනීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා වන රජයේ කැපවීම මහලේකම්වරයා විසින් අගය කරන බව ඔහුගේ නිවේදනයේ දැක්වෙයි.
දිගු කාලීන දේශපාලන විසඳුමක් සඳහා රට පුරා සංවාදයක් ගොඩනැඟීමට රජය දරන උත්සහයට සහය දක්වන බව ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ගෙන ඇති යෝජනා අගය කරන අතර ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවද එක්සත් ජාතීන්ගේ සංවීධානයේ මහ ලෙක්ම් බෑං කී මූන් මහතා ප්‍රකාශ කර තිබේ.