සිය තෙදින නිල ශ්රී ලංකා සංචාරය නිමා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැංකි මූන් මහතා ඊයේ (02දා) නැවතත් ආපසු පිටත්ව ගියේය. කොරියාවට අයත් විශේෂ ගුවන් යානයකින් මහ ලේකම්වරයා ඇතුළු දූත පිරිස නැවතත් දිවයිනෙන් පිටත්වූහ. 2009 වසරේදී තමන් ශ්රී ලංකාවේ කළ සංචාරය හා සැසදීමේදී වසර හතකට පසු ශ්රී ලංකාවේ පැහැදිලි වෙනසක් දැකගත හැකි බවද ඔහු පැවැසීය.