ගාල්ල ධීවර වරායෙන් ඊයේ (02දා) මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි ගාල්ල වරාය පොලීසිය පවසයි.
මෙම ධීවරයා රැගත් යාත්රාව ඊයේ පස්වරුවේ 'ජයලත් 5' දරන යාත්රාවෙන් මුහුදු ගොස් ඇති අතර, ධීවර කටයුතුවල යෙදී සිටි අතරතුර මෙම පුද්ගලයා මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි පොලීසිය පැවසීය.
මෙසේ අතුරුදන්ව ඇත්තේ හික්කඩුව කළුපේ ප්රදේශයේ පදිංචි දඩල්ලගේ චමින්ද නැමැත්තෙකි.
අතුරුදන්වූ මෙම පුද්ගලයා මේ වනතෙක් සොයාගෙන නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.