මුහුදු ගොස් දෙවට ධීවර වරායට එමින් තිබීයදී මුහුද රළුවීම හේතුවෙන් සැඩ පහරට හසු වූ එන්ජිම සහිත ඔරුවක ගමන්ගත් නවදෙනෙකු මුහුදට වැටී තිබේ.
එම 09 දෙනාගෙන් 08 දෙනෙකු ජිවිත බේරාගෙන ගොඩට පීනා තිබෙන අතර, එක් අයෙකු අතුරුදන් වී තිබේ. අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු නාවික හමුදාව හා ගාල්ල පොලීසිය විසින් සිදුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.