නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා හා දිවයින වටා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මන්නාරම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං හා වැසි ඇතිවිය හැකිබවත් එවිට මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව මේ පිළිබඳව අවධානය යොමුකරමින් ධීවර හා නාවික ප්‍රජාවට මුහුද භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.