මෙරට සිට ඉන්දියාව බලා මුහුදු මගින් රැගෙන යමින් තිබූ, රුපියල් කෝටි අටක් පමණ වටිනා රන් කුට්ටි කිලෝ පහක් සැකරුවන් දෙදෙනෙකු ද සමගින් කල්පිටිය කන්ද කුලිය මුහුදු තීරයේ දී, කල්පිටිය නාවික හමුදා මගින් 24 දින රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සමග යාත්රාව සහ අශව බළ 40 එන්ජිමක් ද අත්අඩංගුවට ගත්බ ව නාවික හමුදා ආරංචිමාර්ග පවසයි. සැකකරුවන් දෙදෙනා කන්ද කුළිය පදිංචි ධීවරයින් වන අතර, ඔවුන් ධීවර වෙසින් මෙම රන් තොගය ද රැගෙන යාත්රා කරමින් සිට ඇත.
මෙම රන් ගැඹුරු මුහුදේ දී ඉන්දියානු ජාවාරම්කරුවන් හා හුවමාරු කර ගන්නා බවට නාවික හමුදාව සැකකරයි.
සැක කරුවන් සහ රන් තොගය, කොළඹ රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිත ය.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි