පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහා ගාල්ල සිට හම්බන්තොට, පොතුවිල් දක්වා ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැය කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව සෙසු මුහුදු තීරයන්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සහ සුළඟේ වේගය ඉහළ යනවිට එම ප්‍රදේශ රළු විය හැකි බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යා නදීකා රණවීර මහත්මිය සඳහන් කළාය. මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 පුරා ක්‍රියාත්මක බවද ඇය පවසා සිටියාය.