සොමාලියානු කොල්ලකරුවන් දිගු කලක් නිහඬව සිටීම හේතුවෙන් එම අවදානම පසෙක දමා ඒරීස් 13 ඉන්ධන ප්‍රවාහන නෞකාව ගමන් කිරීම ඔවුන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමට හේතුවක් වී ඇති බව මුහුදු කොල්ලකෑම් පිළිබඳව විමර්ශනය කරන විශේෂඥයෝ පවසති.
ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු ගමන්ගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව පෙරේදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය.
නෞකාව ඊයේ වනවිට සෝමාලියවේ අලුලාහි පුන්ට්ලෑන්ඩ් වෙරළ තීරය ආසන්නයට ගෙනැවිත් නැංගුරම්ලා තිබේ.
නෞකාවේ කාර්ය මණ්ඩලයේ බොහෝ පරිසක් නෞකාවේ එක් කාමරයක් තුළට දමා සියලු සන්නිවේදන මාර්ග අවහිර කර ඇති බවද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
එම නෞකාවේ ඡායාරූපයක්ද යුරෝපා සංවිධානයේ නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කළේය.
ග්‍රහණයට ගත් නෞකාවේ ආයුධ සන්නද්ධව 20කට අධික පිරිසක් සිටින බවත්, සෝමාලියාවට නැගෙනහිරින් වන්නට පිහිටි අල්ඛයිඩා සංවිධානයට සම්බන්ධ අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම් බහුල ප්රදේශකයක මේ වනවිට නෞකාව පවතින බවත් තොරතුරු තහවුරු කරගෙන තිබේ.