පේදුරුතුඩුව ප්රදීපාගාරයට උතුරින් වූ මුහුදු ප්රදේශයේ නීති විරෝධී අයුරින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ මෙරට ධීවරයන් 3 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් අද (16දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරුවන් ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්ද නාවුක හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් , මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 578ක් (කූඩැල්ලන් 1911 ක්), ඩිංගි යාත්රාව සහ කිමිදුම් උපකරණ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කර ඇත.