ඉදිරි වසර හතරක කාලය තුළදී ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම තාවකාලිකව තහනම් කෙරෙනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව, මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ බලපත්‍ර නිකුත් කිරීම වාර්ෂිකව 25% බැගින් අඩු කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
මෙම ජලජීවි විශේෂය ශ්‍රී ලාංකික ජනතාව ආහාරයට නොගන්නා නමුත් චීනය, ජපානය වැනි රටවලදී ඔවුන් සඳහා ඉහළ ඉල්ලුමක් පවති. ඒ අනුව, විදේශ වෙළෙඳ පොළේදී මුහුදු කූඩැල්ලන් කිලෝවක් රුපියල් 25,000 කට පමණ අලෙවි කරයි.
ශ්‍රී ලංකාවේදී කිමිදුම්කරුවන් 2000 ක් පමණ මෙම වෘත්තියේ යෙදෙන අතර එම කර්මාන්තය ආශ්රිත අපනයන කටයුතුවල සමාගම් තුනක් පමණ නියැළි සිටියි.