ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කල්පිටිය, කප්පල්අඩි ප්‍රදේශයට රැගෙනවිත් ගොඩබිමට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු රුපියල් කෝටියක් පමණ වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයන් පස්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 950ක් එහිදී නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවන් සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසිය.