දිවයින ආසන්නයේ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා මන්නාම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට යන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර අගයක් ගත හැකි බැවින් අවධානයෙන් ධීවර කටයුතුවල නිරත වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
අද (30දා) සවස 6.00 සිට ඉදිරි පැය 18 ක කාලය දක්වා මෙම තත්ත්වය පවතින අතර, සුළං වේගය ඉහළ යාමට අමතරව මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවත්, එවිට එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.