ඉදිරිය පැය 24 පුරා තද සුළං ඇතිවීම හා මුහුද රළුවීමට ඉඩ ඇති හෙයින් ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව වමසිලිත්ව සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (31දා) පෙ.ව. 8.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා හා මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ මෙසේ අවධානම් බවයි.
එම ප්‍රදේශයන්හි මුහුදේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩිවිය හැකි බවත් සෙසු ප්‍ර දේශවල මුහුදේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.එසේම දිවයින හරහා තද සුළං ඇතිවීමේ හැකියාව අඩුව තිබෙන බවත් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.