මුහුණුපොතේ ඇති ඡායාරූප විකෘති කර අන්තර්ජාලයට මුදා හරින බවට පවසා තර්ජනය කර ස්ත්රී දූෂණයක් සිදුකර වරින් වර එම කාන්තාව බිය ගන්නා මුදල් රුපියල් 10000ක් ලබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඇඹිලිපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගේ ඡංගම දුරකතනයේ පැමිණිලිකාරියගේ හා තවත් කාන්තාවක් කිහිපදෙනෙකුගේ නිරුවත් ඡායාරූප කිහිපයක්ද සොයාගත් බව පොලීසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනයක්, පරිඝනකයක්, රන්මාලයක් හා රුපියල් 10000 හා සැකකරු පැමිණි මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 26ක් වන ඇඹිලිපිටියේ පදිංචි කරුවෙකි.