මුස්ලිම් බැතිමතුන් මිලියන 1.5ක් පමණ වාර්ෂික හජ් වන්දනාව මෙම වසරේදීත් ආරම්භ කර තිබේ.
2015 වසරේදී හජ් වන්දනාවේදී සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුවද, මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් මෙවරද වන්දනාවට එක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙවර හජ් වන්දනාවේදී පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෞදි අරාබිය විසින් ආරක්ෂක විධිවිධාන තරකර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, සමස්ත වන්දනාවටම පූර්ණ ආරක්ෂාව සැපයීමට අමතරව පැමිණෙන සෑම බැතිමතෙකුටම විශේෂ වූ හැඳුනුම් අත් පළඳනාවක්ද ලබාදී ඇති බව කියයි.
මේ අතර, සුන්නි මුස්ලිම්වරුන් බහුතරයක් සිටින සෞදි අරාබිය සමග දීර්ඝ කාලයක් පුරා පවතින මතභේදකාරී තත්ත්වය මත මෙවරද ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරාන ජාතිකයන් හජ් වන්දනාවේ පැමිණීම අඩුවනු ඇති බවද කියැවෙයි.
ලෝකයේ විශාල ජන පිරිසක් සහභාගී වන ආගමික උත්සවයක් ලෙස හජ් වන්දනාව වාර්ෂිකව පැවැත්වෙයි.