ජනපතිවරණයේදී ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කිරීමත් සමග එම පක්ෂයේ පළාත් සභා මන්ත්රීවරුන් 13ක්, පළාත් පාලන මන්ත්රීවරුන් 163ක් හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 8 දෙනෙක් විපක්ෂයට එක්විය.
පළාත් පාලන මන්ත්රීවරුන් 163 දෙනා අතර පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් 13ක් සිටිති.
කෙසේ වෙතත් නැගෙනහිර පළාත් සභාවේ අය-වැය සම්මත කර ගැනීමට ආණ්ඩුවට සහාය දීමට මුස්ලිම් කොංග්රසය තීරණය කර තිබේ.