පළාත් පාලන මැතිවරණයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්රහණයට සුබ පැතුම් එක් කරන ශ්රී ලංකා මුස්ලිම් කවුන්සිලය එම පක්ෂයට චෝදනාවක්ද එල්ල කරමින් පවසන්නේ මුස්ලිම් ජනයා වෙසෙන ප්රදේශ කිහිපයකම පොදුජන පෙරමුණේ අපෙක්ෂකයන් විසින් ගැටලු ඇති කරන බවයි.
මහනුවර, අඟලවත්ත හා කලුතර දිස්ත්රික්යන්හි ස්ථාන කිහිපයක පොදුජන පෙරමුණට සහාය නොදැක්වූ මුස්ලිම් ජනතාවට එරෙහිව පොදුජන පෙරමුණේ සාමාජිකයන් ගැටම් ඇතිකරන බව මුස්ලිම් කවුන්සිලය පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ලිපයක් යොමුකරමින් පවසයි.