රට තුළ ක්‍රියාත්මක වන ඇතැම් මුස්ලිම් අන්තවාදී කොටස් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
මේ වනවිට ෂරියා නීතිය රටේ බැංකු තුළද ක්‍රියාත්මක වන බවත්, තවදුරටත් එය ක්‍රියාත්මක වුවහොත් අදාළ බැංකුවලින් සිංහල ජනයාගේ ගිණුම් ඉවත්කරගැනීමට උපදෙස් දෙන බවත් අද (09දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසූහ.