පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ මහා පරිමාණ ව්‍යාපාතිවල මූල්‍ය තොරතුරු ඇතුළත් ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලට අදාළ මුල්‍ය වාර්තා 220ක් අතුරුදන්ව ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
එම වාර්තා අතුරුදන්වීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති ඉන්දු - ලංකා ශිල්ප කලා අත්කම් හා රෙදිපිලි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රවි කරුණානයක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.