මුලතිව්හි, මුල්ලිවයික්කාල් ප්රදේශයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සඳහා සූදානම් කර තිබූ උත්සවයක් මුලතිව් මහේස්ත්රාත් අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳව පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ. හෙට දිනයේදී මෙම සැමරුම පැවැත්වීමට නියමිතව තිබුණි.