බදු ආදායම් රැස්කිරීමේ රජයේ වැඩපිළිවෙළ නිසා 2016 වසරේ මුල් මාස 07 තුළ වාර්තාගත ආදායමක් ලබාගැනීමට රජයට හැකිව ඇති බවත්, ඒ අනුව, රජයේ ආදායම 23%කින් ඉහළ ගොස් ඇති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
පසුගිය 2015 වසරේ මුල් මාස 07 සහ 2016 වසරේ මුල් මාස 07 තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වයන් සැසදීමේ දී මෙලෙස ඉහළ ආදායම් වාර්තාවක් තබා ඇති බවත්, බදු රැස්කිරීමේ රජයේ කාර්යක්ෂම වැඩපිළිවෙළ ඉතා සාර්ථක බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.