මුලතිව් තනිදළයා ඝාතනය කරයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු, තේරාවිල් ප්රදේශයේ දැවැන්ත ඇතෙකු කිසියම් පිරිසක් විසින් දමා තිබූ විදුලි රැහැනකට හසු වී ඊයේ (21) දින මියගොස් තිබියදී සොයාගත් බවට වනජීවි නිලධාරීහු පවසති.
මෙසේ මියගොස් ඇත්තේ තනි දළ ඇතෙකි. ඇතා විදුලි රැහැන් යොදා මරාදමා ඇති බවට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති අතර ඝාතනය කළේ කව්රුන්ද යන්න මෙතෙක් හෙළිව නොමැත.
පුදුකුඩිඉරිප්පු වැසියන් මෙම ඇතා තනි දළයා නමින් හඳුන්වා ඇත. ඊට හේතුව පසුගිය දිනයන්හි එම දිස්ත්රික්කයේ පැවැති නියං තත්ත්වය සමග මෙම තනිදළයා ගම්වැදී වගාවන්ට දැඩි ලෙස හානි සිදු කිරීම හේතුවෙන් ඔහු එලෙස හඳුන්වා ඇත.
ඊයේ (21) සවස ඇතා මියගොස් සිටි ස්ථානයට පැමිණි වනජීවි නිලධාරීන් පොලීසියේ හා ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව ඔහුගේ අවසන් කටයුතු සිදුකොට ඇති අතරම ඇතාගේ දළ මුලතිව් වනජීවි නිලධාරීන් රැගෙන ගොස් ඇත.
මේ වන විට ඇතාගේ ඝාතන සැකකරුවන් සොයා වනජීවී නිලධාරීන් හා පොලීසිය එක්ව මෙහෙයුම් දියත්කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



