ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස තාවකාලිකව බඳවා ගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මුරලි මේ වන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පුහුණු සැසි පවත්වන බව ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් තහවුරු කළේය. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළැඹෙන 26 දා පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය තෙක් මුරලි ඔස්ට්‍රේලියා කණ්ඩායම හා කටයුතු කරනු ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් පිතිකරුවෙකු වෙන තිලාන් සමරවීරද පිතිකරුණ උපදේශකයෙකු ලෙස මෙම තරගාවලිය සඳහා එක්කර ගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කළේය.
ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය පිළිබඳව අනාවැකියක් සඳහන් කරමින් මුරලි පසුගියදා පැවැසුවේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාවට වැඩි ඉඩක් පවතින බවත් ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බවත්ය.