මුන්දලමට පොලිස් හා STF ආරක්ෂාව
මුන්දලම කොත්තන්තිව් ප්රදේශයේ අද (26දා) දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව ප්රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව ඉහළ පොලිස් නිළධාරියෙකු කියයි.
කොත්තන්තිව් පෙරුක්කුවට්ටාන ප්රදේශයේ පිහිටි ඉඩමක් ක්රීඩා තරගයක් සදහා පිරිසක් විසින් ඩෝසර් කිරිමේ දි තවත් පිරිසක් විරෝධය මතු කිරිමත් සමග ගැටුම හට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ගැටුමින් තුවාල ලැබු එක් අයකු හලාවත රෝහලට ඇතුලත් කර තිබු බවද කියයි. ඉන් පසුව පාර්ශව දෙක අතර 26 දින දහවල් වන විට ගැටුම්කාරි තත්වයකට ප්රදේශයේ උණුසුම් වෙමින් තිබියදි ඉහළ පොලිස් නිළධාරින් හා දෙපාර්ශවයේ පිරිසක් අතර සාකච්ඡා පවත්වා තත්වය පාලනය කිරිමට කටයුතු යොදා තිබුණි.
නමුත් සවස් වන විට තත්වය එතරම් යහපත් නොවීම හේතුවෙන් පොලිස් ජංගම සංචාරක රථ යෙදවිමටත් එයට අමතරව තැනින් තැන පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් යෙදවිමටත් කටයුතු කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

