මූලික උද්ධමනය අඛණ්ඩව ඉහළ යෑම සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනය වීම හමුවේ මෑත කාලීනව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ඇගයීමට ලක්ව තිබේ.
ටොඩ් ෂ්නයිඩර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පසුගිය මාර්තු 31 සිට අප්‍රේල් 11 දක්වා දිවයිනේ රැඳී සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් මෙසේ පවසා තිබේ.
කෙසේ වෙතත්, මුදල් ප්‍රතිපත්ති යාන්ත්‍රණය දිගු කාල පමාවක් සහිතව ක්‍රියාත්මක වීම සහ මූලික උද්ධමනය හා පෞද්ගලික අංශයේ ණය වර්ධනය ඉහළ යෑමෙහි ප්‍රවණතාව අඛණ්ඩව පැවතුණහොත් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සූදානමින් සිටිය යුතු බවද මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පෙන්වාදී තිබේ.