රුපියල් හැත්තෑ එක් ලක්ෂ තිස් පන්දහස් හාරසිය පනස් හතරක් වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ තරුණියක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා (38) දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකාරිනිය (18) වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් ප්‍රකාශකවරයා පැවසීය.
තරුණිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය රේගුවට පවසා ඇත්තේ, තමන් රැකියාවක් සඳහා සිංගප්පුරුවට යාමට පැමිණි බවයි
ඔවුන්ගේ ගුවන් ගමන් විස්තර පිළිබඳ ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ගමන් මලුවල තිබී ඇමෙරිකානු ඩොලර් පනස් තුන් දාස් නමසීයක මුදලක් සොයාගෙන ඇත.