ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම හමු වූ අවස්ථාවේ තමන්ට මුදල් ඇමැතිකම භාර ගන්නැයි නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයා පුද්ගලිකව යෝජනා කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (18දා) පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ඉදිරියේදී නිර්මාණය කර ගතහොත් ඒකාබද්ධ විපක්ෂය වගකීම් භාර නොගැනීමට තීරණය කර ඇති හෙයින් තමන් අමාත්‍ය ධුරයක් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවත්, රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ලිහා ගැනීමට, කිසිදු වගකීමක් භාර නොගනිමින් ස්වෙච්ඡා පදනමින් සහාය දීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.